චීන වෙළඳ ප්‍රවර්ධන පද්ධතිය නිකුත් කළ, භාණ්ඩ සම්භවය පිළිබඳ සහතිකවලින් වාර්තාගත ආදායමක්
2022-08-29 20:43:35
Share with:

මෙම වසරේ පළමු මාස 7 තුළ, චීන වෙළඳ ප්‍රවර්ධන පද්ධතිය මගින් භාණ්ඩ සම්භවය පිළිබඳ සහතික මිලියන 2.715 ක් නිකුත් කර ඇතැයි, චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කවුන්සිලය පවසයි.

චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කවුන්සිලයේ ප්‍රකාශක Sun Xiao මහතා අද(29) මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කරමින් පැවසුවේ, මෙම සහතිකවලින් ලද මුළු මුදල ඇ.ඩොලර් බිලියන 233.31 ක් බවයි.

සම්භවය පිළිබඳ සහතිකය යනු, භාණ්ඩ අපනයනය කරන රටක නිශ්චිත ආයතනයක් විසින් නිකුත් කෙරෙන, අදාළ භාණ්ඩවල සම්භවය පිළිබඳ සාක්ෂි ලේඛනයයි. මෙම ලේඛනය විදේශ වෙළඳාමේදී ඉතා වැදගත් වේ.

මෙම වසරේ පළමු මාස 7 තුළ, සම්භවය පිළිබඳ සහතික නිකුත් කිරීම්වලින් ලද ආදායම පසුගිය වසරේ එම කාලසීමාවට සාපේක්ෂව 23.7% ක වර්ධනයකි. මෙමගින් චීන විදේශ වෙළඳාමේ ස්ථාවර සහ ධනාත්මක ප්‍රවණතාව පිළිබිඹු කෙරෙන බව ද Sun Xiao මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම