2022 ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා ‍උළෙල නිමාවෙයි
2022-08-29 10:37:06
Share with:

2022 ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා ‍උළෙල රුසියාවේදී නිමාව‍ට පත්වෙයි. විදේශ රටවල් රැසක් සහභාගීවූ තරඟවලින් චීන පාබල හමුදා ක්‍රීඩා කණ්ඩායම් දෙවැනි ස්ථාන තුනක් හා තුන්වැනි ස්ථාන දෙකක් දිනාගත්තේය.

ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා ‍‍උළෙල පසුගිය 13 වැනිදා සිට 27 වැනිදා දක්වා ක්‍රියාත්මක කෙරුණේ, චීනය, රුසියාව හා ඉරානය ඇතුළු රටවල් 12ක සම සංවිධානයෙනි. රටවල් හා කලාප 37 ක කණ්ඩායම් 270කට වැඩි සංඛ්‍යාවක් ඊට එක්විය. 205 දෙනෙකුගෙන් යුතු චීන හමුදා කණ්ඩායම් 9ක් ද ඊට ඇතුළත් ය.

රුසියානු ආරක්ෂක අමාත්‍යංශය විසින් ආරම්භ කරන ලද ජාත්‍යන්තර හමුදා ක්‍රීඩා ‍උළෙල වසර 9 ක සංවර්ධනයෙන් මනා කීර්තියක් හා බලපෑමක් සහිත ජාත්‍යන්තර හමුදා හුවමාරු කිරීමේ විවෘත වේදිකාවක් බවට පත්ව ඇත.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම