විසර්ජන පනත් කෙටුම්පත හෙට (30) පාර්ලිමේන්තුවට
2022-08-29 20:47:58
Share with:

2022 මුදල් වර්ෂයේ ඉතිරි කාලය සඳහා වන විසර්ජන පනත් කෙටුම්පත හෙට (30) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.

 මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති කටයුතු පිළිබඳ අමාත්‍යවරයා ලෙස, ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් එය ඉදිරිපත් කෙරෙනු ඇත. ඒ, පෙර ඉදිරිපත් කරන ලද 2021 අංක 30 දරන විසර්ජන පනතට සංශෝධනයක් වශයෙනි.

අදාළ පනත් කෙටුම්පත දෙවැනි වර කියවීමේ විවාදය ලබන 31, සැප්තැම්බර් 01 සහ 02 දිනවල පැවැත්වේ.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම