සියලු පාර්ශ්වයන්ගේ අවශ්‍යතාව වෙනුවෙන් 2015 න්‍යෂ්ටික ගිවිසුම යළි පණ ගැන්විය යුතු බව ඉරානය අවධාරණය කරයි
2022-08-29 17:42:24
Share with:

2015 න්‍යෂ්ටික ගිවිසුම නැවත පණ ගැන්වීම සියලු පාර්ශ්වයන්ගේ අවශ්‍යතාව වන බැවින්, ගිවිසුමකට එළඹීම සඳහා තරයේ ක්‍රියාකරන බව ඉරානය කියාසිටී. එරට විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක නසර් කනානි මහතා ඊයේ (28) මේ බව පැවසීය.

න්‍යෂ්ටික සාකච්ඡාවලට සහභාගි වූ පාර්ශ්ව 2015 න්‍යෂ්ටික ගිවිසුම ප්‍රතිෂ්ඨාපනය කිරීම පිළිබඳ ගැටළු බොහොමයක් විසඳාගැනීමට සමත් ව සිටී. එය විධිමත් ලෙස ඒකාබද්ධ විස්තීර්ණ ක්‍රියාකාරී සැලැස්ම ලෙස හැඳින්වෙන බව නසාර් කනානි උපුටා දක්වමින් IRNA නිල පුවත් ඒජන්සිය වාර්තා කර ඇත.සාකච්ඡාවලදී මෙතෙක් සිදුව ඇති දේ ධනාත්මක සහ ඉදිරි ප්‍රවණතාවක් පිළිබිඹු කරන බවත්, සාකච්ඡා මාර්ගයෙන් විසඳා ගැනීමට සංවේදී සහ වැදගත් කරුණු කිහිපයක් ඉතිරිව ඇති බවත් ඔහු පැවසීය.ඕනෑම න්‍යෂ්ටික ගිවිසුමක් ක්‍රියාත්මක කිරීමේදී සියලුම සාමාජිකයින් ඔවුන්ගේ වගකීම් සඳහා කැපවීමේ අවශ්‍යතාව ද කනානි සඳහන් කළේය. එය ඉරානය විසින් පවත්වා ගෙන ගිය බව ද ඔහු පැවසීය. න්‍යෂ්ටික ගිවිසුමේ රාමුව තුළ හිඳිමින් ඉරානයේ අපේක්ෂාවන් සැලකිල්ලට ගෙන ඇමරිකාව බුද්ධිමත්ව ක්‍රියාකළ යුතු බවත්, ඒ සඳහා දේශපාලන අධිෂ්ඨානයක් තිබිය යුතු බවත් ඔහු පෙන්වාදෙයි. යුරෝපා සංගමය විසින් යෝජනා කරන ලද න්‍යෂ්ටික ගිවිසුමේ අවසන් කෙටුම්පත පිළිබඳ ඉරානයේ අදහස්වලට ඇමරිකාවේ ප්‍රතිචාරය, ටෙහෙරානයේ විශේෂඥ රැස්වීම්වලදී සලකා බැලෙනු ඇත. නිගමනයකට පැමිණි වහාම ඉරානය සිය පිළිතුර ලබා දෙන බව ද විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයා පැවසීය. 

2015 ජූලි මාසයේදී ඉරානය, ලෝක බලවතුන් සමඟ න්‍යෂ්ටික ගිවිසුමට අත්සන් තැබූ අතර, රටට එරෙහි සම්බාධක ඉවත් කිරීමට ප්‍රතිඋපකාර වශයෙන් එහි න්‍යෂ්ටික වැඩසටහන සීමා කිරීමට ඔවුහු එකඟ වූහ.  න්‍යෂ්ටික ගිවිසුම පුනර්ජීවනය පිළිබඳ සාකච්ඡා 2021 අප්‍රේල් මාසයේදී වියානාහිදී ආරම්භ වූ නමුත් ටෙහෙරානය සහ වොෂින්ටනය අතර දේශපාලන මතභේද හේතුවෙන් මෙම වසරේ මාර්තු මාසයේදී එය අත්හිටුවනු ලැබීය. මාස පහක විරාමයකින් පසු එය යළි පැවැත්වුණේ අගෝස්තු මස මුල ඔස්ට්‍රියාවේ අගනුවරදී ය. 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම