යුරෝපීය බහුජාතික සමාගම් චීන වෙළඳපොළ පිළිබඳ ඉහළ ශුභවාදී ආකල්පයක පසුවන බව තහවුරු වේ
2022-08-29 20:45:22
Share with:

යුරෝපීය බහුජාතික සමාගම් චීන වෙළඳපොළ පිළිබඳ අඛණ්ඩව ශුභවාදී ආකල්ප දරන බව, චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කවුන්සිලය පවසයි.

එම කවුන්සිලයේ ප්‍රකාශක Sun Xiao මහතා, අද(29) පැවති මාධ්‍ය හමුවකදී මේ බව පැවසීය.

මෙම වසරේ පළමු භාගයේදී, චීන ජාත්‍යන්තර වෙළඳ ප්‍රවර්ධන කවුන්සිලය, විදේශ ව්‍යාපාරික පරිසරය පිළිබඳ මත විමසුම් සිදුකර ඇත. යුරෝපීය බහුජාතික සමාගම් 160කට ආසන්න ප්‍රමාණයක් අදාළ ප්‍රශ්නාවලියට ප්‍රතිචාර දක්වා තිබේ.

චීනයේ යුරෝපීය සමාගම්වලින් 19% ක් මෙහිදී පවසා ඇත්තේ, ඔවුන් දැනට පවතින නිෂ්පාදන මෙහෙයුම්වල පරිමාණය පුළුල් කරන බවයි. එසේම 65%ක් පෙන්වා දුන්නේ, වත්මන් නිෂ්පාදන මෙහෙයුම්වල පරිමාණය එසේම පවත්වාගෙන යන බවයි.

පර්යේෂණවලට අනුව, යුරෝපීය බහුජාතික සමාගම් චීන වෙළඳපොළ පිළිබඳ ශුභවාදීව පසුවන බවත්, ඉන් අති බහුතරයක් චීන වෙළඳපොළේ පවතින අපේක්ෂාවන් කෙරෙහි විශ්වාසය තබා ඇති බවත්‍ Sun Xiao මහතා සඳහන් කළේ ය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම