ඇමරිකාවේ විශ්වසනීයත්වය දැඩිව පිරිහී ඇතැයි හෙළිවේ
2022-08-29 19:27:47
Share with:

පොරොන්දු බිඳ දමන ඇමරිකාවේ විශ්වසනීයත්වය සමස්ත ලෝකය තුළ බිඳ වැටී ඇතැයි සමීක්ෂණයකට එක් වූ ඇෆ්ගනිස්ථාන ජාතිකයන්ගෙන් සියයට 80ක් පවසති.

චීන මාධ්‍ය සමූහයේ CGTN බුද්ධි මණ්ඩලය හා Renmin විශ්වවිද්‍යාලයේ ජාතික පරිපාලන හා මහජන අදහස් පර්යේෂණ ආයතනය ඒකාබද්ධව ඇෆ්ගනිස්ථානය ඇතුළු රටවල් 24ක මෙම ජනමත විමසීම සිදුකෙරුණේ, ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානයෙන් ඉවත් කිරීමේ පළමු සංවත්සරය නිමිත්තෙනි.

ස්ථීර, ප්‍රබල මෙන්ම සමෘද්ධිමත් ඇෆ්ගනිස්ථානයක් ස්ථාපනය කරන බවට ඇමරිකාව ප්‍රකාශ කර තිබිණ. සමීක්ෂණයට එක්වූ ඇෆ්ගනිස්ථාන ජාතිකයන්ගෙන් සියයට 79ක්, ඒ පිළිබඳව පවසා ඇත්තේ ඇමරිකාව එම පොරොන්දුව ඉටුනොකළ බවයි. සමීක්ෂණයට එක්වූවන්ගෙන් සියයට 70.7ක පිරිසක් එම මතයට එකඟ වී ඇත.

ඇෆ්ගනිස්ථාන අර්බුදය හේතුවෙන් ඇමරිකාව කෙරෙහි ජගත් ප්‍රජාවේ විශ්වාසය අඛණ්ඩව පිරිහෙමින් පවතී. සමීක්ෂණයට එක්වූ ඇෆ්ගනිස්ථාන ජාතිකයන්ගෙන් සියයට 68.9ක පිරිසකගේ මතය වී ඇත්තේ තම රටේ යුද්ධය හේතුවෙන් ඇමරිකාවේ කීර්තිය ද අඩු වූ බවයි.

ඇමරිකානු හමුදාව ඇෆ්ගනිස්ථානය ආක්‍රමණය කර ගත වූ වසර 20 තුළ  එරට පෙර පැවති තත්ත්වයට වඩා බෙහෙවින් අයහපත් වූ බව සියයට‍ 53.5ක පිරිසකගේ විශ්වාසයයි. ඇෆ්ගනිස්ථාන මධ්‍යම බැංකුවට අයත් ඇමරිකානු ඩොලර් බිලියන 7ක මුදලක් ඇමරිකාව අත්හිටුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් සියයට 74.1ක පිරිසක් පවසා ඇත්තේ, එය සම්පූර්ණයෙන්ම මුදල් කොල්ලකෑමක් බවයි. එම මුදල ඇමරිකාව ආපසු ඇෆ්ගනිස්ථානයට ලබාදිය යුතු බව සමීක්ෂණයට එක්වූ සමස්ත පිරිසෙන් සියයට 68.5කගේ මතය වී තිබේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම