පාකිස්ථානයේ බරපතල ගංවතුර සම්බන්ධයෙන් චීන ජනපතිගේ ශෝකය පළවේ
2022-08-29 19:43:12
Share with:

පාකිස්ථානය මුහුණ පෑ බරපතල ගංවතුර ආපදාව සම්බන්ධයෙන් චීන ජනාධිපතිවරයා, පාකිස්ථාන ජනාධිපතිවරයා වෙත සංවේගය පළකරයි.

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා, පාකිස්ථාන ජනාධිපති  Arif Alvi මහතා වෙත අද(29) එම පණිවුඩය යොමුකළේය. පාකිස්ථානයේ හටගත් ගංවතුරින්  ජීවිතහානි හා දේපළ හානි විශාල ප්‍රමාණයක් සිදුව ඇත. ජනාධිපතිවරයා චීන රජය හා ජනතාව වෙනුවෙන්, ජීවිතක්ෂයට පත්වූවන්ගේ ඥාතීන්, තුවාල ලැබූවන් හා විපතට පත්වූවන් වෙත අවංක කනගාටුව ප්‍රකාශ කළේය.

චීනය හා පාකිස්ථානය දිගුකාලීනව දුෂ්කරතා එක්ව ජයගනිමින්, අන්‍යෝන්‍ය වශයෙන් සහය ලබා දී පොදු අභියෝගවලට ප්‍රතිචාර දක්වා ඇත. මෙවර ද කඩිනමින් පියවර ගෙන,  හදිසි සහය හා සහනාධාර ලබාදීමට ක්‍රියාකරන බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

එමෙන්ම චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා ද පාකිස්ථාන අග්‍රාමත්‍ය Muhammad Shahbaz Sharif මහතා වෙත සංවේගය පළකර තිබේ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම