චීනයේ ෂින්ජ්‍යං ප්‍රදේශය පිළිබඳව නොකඩවාම අසත්‍ය තොරතුරු පතුරුවන බවට චීනයෙන් ඇමරිකාවට චෝදනා
2022-08-29 20:45:01
Share with:

               චීනයේ ෂින්ජ්‍යං ප්‍රදේශය පිළිබඳව ඇමරිකාව නොකඩවාම අසත්‍ය තොරතුරු පතුරුවා හරිමින් සිටින බව චීනය පවසයි.

               චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක චාඕ ලි චියෙන් මහතා අද (29) පැවති නිත්‍ය මාධ්‍ය හමුවේදී මේ බව කියා සිටියේ ය. බටහිර මාධ්‍ය හා රටවල් නිරතුරුව චීනය පිළිබඳව අසත්‍ය තොරතුරු ප්‍රචාරය කරන බවත්, ෂින්ජ්‍යං ප්‍රදේශය ඔවුන් එවන් තොරතුරු සඳහා  වැඩියෙන් භාවිත කරන බවත් ඔහු එහිදී පැවසීය.ඇමරිකාව කාලන්තරයක් තිස්සේ ෂින්ජ්‍යං ප්‍රදේශය පිළිබඳව අසත්‍ය තොරතුරු මවා පාන අතර, චීනය සාවද්‍ය කරුණු මගින් එම ප්‍රදේශයේ ජනමත පාලනය කරන බවට ද චෝදනා නගා ඇත. එහෙත් ඇමරිකාවේ එවන් උත්සාහ නිෂ්ඵල ‍වේ. ෂින්ජ්‍යං සමාජයේ ස්ථාවරත්වය, තිරසර සංවර්ධනය හා ෂින්ජ්‍යං ජනතාවගේ යහපත් ජීවිත, ඇමරිකාව විසින් මවන ලද එම අසත්‍ය තොරතුරු හා චෝදනා සඳහා ප්‍රබල පිළිතුරු ලබා දී ඇතැයි චාඕ ලි චියෙන් මහතා වැඩිදුරටත් සඳහන් කළේ ය.

              

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම