දැඩි වර්ෂාපතනයෙන් පාකිස්ථානයේ ජීවිත හානි ඉහළට
2022-08-28 15:25:22
Share with:

දැඩි වර්ෂාපතනයෙන් පාකිස්ථානයේ ජීවිතක්ෂයට පත් වූවන් සංඛ්‍යාව දහස ඉක්මවයි.

පසුගිය ජූනි මැද සිට පාකිස්ථානයේ අධික වර්ෂාපතනයෙන් සිදු වූ විවිධ ආපදා හේතුවෙන් පුද්ගලයන් 1033 දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර 1527 දෙනෙකු තුවාල ලබා ඇති බව පාකිස්තාන ජාතික ආපදා කළමනාකරණ ඒජන්සිය ඊයේ(27) ප්‍රකාශ කළේය.

විපතට පත් ජනතාවට සහන සැලසීම සඳහා රජය රුපියල් බිලියන 38ක් වෙන් කර ඇති අතර ගංවතුර හේතුවෙන් සිදු වූ හානිවලට මුහුණ දීමට පාකිස්තානයට සහාය වන ලෙස ජාත්‍යන්තර ප්‍රජාවෙන් ඉල්ලා සිටින බව පාකිස්ථාන අග්‍රාමාත්‍ය Shahbaz Sharif මහතා ආපදා ප්‍රදේශයක නිරීක්ෂණ චාරිකාවක නිරත වූ අවස්ථාවේදී පැවසීය.

සෑම වසරකම ජූනි සිට සැප්තැම්බර් දක්වා කාලය පාකිස්ථානයේ මෝසම් වැසි සමයයි. එම කාලයේ වර්ෂාපතනය කැපී පෙනෙන වැඩි වීමක් සහ නිතර ගංවතුර සිදු වේ.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම