න්‍යෂ්ටික නිර්ව්‍යප්ත ගිවිසුම පිළිබඳ සමාලෝචන සමුළුව එකඟාතාවෙන් තොරව අවසන්
2022-08-28 15:28:28
Share with:

න්‍යෂ්ටික නිර්ව්‍යප්ත ගිවිසුම පිළිබඳ සමාලෝචන සමුළුව ප්‍රතිඵල ලියවිල්ලට එකඟ වීමට අපොහොසත් වෙයි.

මාසයක් පුරා පැවති න්‍යෂ්ටික නිර්ව්‍යප්ත  ගිවිසුම පිළිබඳ 10වැනි සමාලෝචන සමුළුව පසුගිය 26වැනිදා නිව්යෝර්ක් හි එක්සත් ජාතීන්ගේ මූලස්ථානයේදී අවසන් විය. සමුළුවට අදාළ ප්‍රතිඵල ලියවිල්ල සම්බන්ධයෙන් එකඟතාවට පැමිණීමට නොහැකි විය.

11වැනි සමාලෝචන සමුළුව 2026 වසරේ දී නිව්යෝර්ක් හිදී පැවැත්වීමට එම සමුළුව තීරණය කර ඇත. ගිවිසුම් පසු විපරම් සමාලෝචන ක්‍රියාවලිය ප්‍රවර්ධනය කිරීම සඳහා, සමස්ත අත්සන් තැබූ පාර්ශ්වයන් වෙනුවෙන් විවෘත ක්‍රියාකාරී කණ්ඩායමක් ස්ථාපිත කිරීමට තීරණය කෙරිණ.

2015දී පැවති 9වැනි සමාලෝචන සමුළුව ද මෙලෙස අවසන් ප්‍රතිඵල ලියවිල්ල පිළිබඳ  එකඟතාවෙන් තොරව අවසන් විය.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම