2022 Pujiang නවෝත්පාදන සංසදයට චීන අග්‍රාමාත්‍යවරයා ගෙන් සුබ පැතුම්
2022-08-28 16:25:23
Share with:

චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා 2022 Pujiang නවෝත්පාදන සංසදය වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කරයි. හෙතෙම ඊයේ(27) එම පණිවිඩය යොමු කර ඇත.

අව කාබන් සංවර්ධනය, ගෝලීය හරිත අනාගතය හා බැඳුණු කරුණක් බව හෙතෙම කියා සිටී. ප්‍රගමනය සාක්ෂත් කර ගැනීමේදී නවෝත්පාදනය  ප්‍රමුඛ වෙයි. විශාලතම සංවර්ධනය වෙමින් පවතින රට ලෙස චීනය, නවීකරණ ක්‍රියාදාමය ඉටු කරගැනීමේදී අව කාබන් මෙන් ම පරිසර හිතකාමී මාර්ගය අඛණ්ඩව ගමන් කළ යුතු බව චීන අගමැතිවරයා කියා සිටී. විවෘතභාවය යන රටේ මූලික ප්‍රතිපත්තිය චීනය ස්ථිර ව අනුගමනය කරයි. අන්තර්ජාතික සහයෝගිතා පුළුල් ලෙස පවත්වමින් අදහස් හුවමාරුව තහවුරු කරමින් පොදු-ජයග්‍රාහී බව චීනය සැබෑ කරන බව ද අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා සිය සුබ පැතුම් පණිවිඩය මගින් අවධාරණය කර තිබේ.

මේ අතර, සංසදයේ ප්‍රධාන ආරාධිත රට වන නෙදර්ලන්තයේ අග්‍රාමාත්‍ය Mark Rutte මහතා ද සංසදය වෙත සුබ පැතුම් පණිවිඩයක් යොමු කර තිබේ.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම