රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා අඛණ්ඩව
2022-08-27 15:14:30
Share with:

රජය සහ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර සාකච්ඡා අඛණ්ඩව පැවැත්වේ

පවතින මූල්‍ය අර්බුදයට විසඳුම් සෙවීමේ අරමුණින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල අතර පැවැත්වෙන සාකච්ඡා වටයේ තවත් සාකච්ඡාවක් ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (26) පස්වරුවේ පැවැත්විණ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා Zoom තාක්ෂණය ඔස්සේ සාකච්ඡාවට එක් වූ අතර දෙපාර්ශ්වය ධනාත්මකව අදහස් හුවමාරු කර ගත් බව ජනාධිපති කාර්යාලය කියයි.

විදුලිබිල සංශෝධනය, සුරාබදු පනත ඇතුළු භාණ්ඩාගාරය ආශ්‍රයෙන් මෙම සාකච්ඡා සඳහා අවශ්‍ය අතිරේක තොරතුරු ලබාදෙන ලෙස ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිතයන් කරන ලද ඉල්ලීමට අනුව එම තොරතුරු ලබන සඳුදා වන විට ලබාදීමට ද මෙහිදී එකඟතාව පළ කෙරිණි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ මූල්‍ය උපදේශකවරුන් සහ නීති උපදේශකවරුන් ද සාකච්ඡාවට එක්ව සිටි අතර තවත් සාකච්ඡා වටයක් ලබන බදාදා (31) පැවැත්වීමට තීරණය විය.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම