පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති කඩිනම් කිරීමට කමිටුවක්
2022-08-27 15:16:02
Share with:

පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘතිවල ප්‍රගතිය සොයා බැලේ. ව විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය සමග විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතාගේ සහභාගීත්වයෙන් ඒ පිළිබඳ සාකච්ඡාවක් පැවැත්විණ.

සියඹලාණ්ඩුව මෙගාවොට් 100ක සූර්ය බලශක්ති ව්‍යාපෘතිය, අභිලාශ කැඳවීම් මත ලැබී ඇති යෝජනා ඇගයීම, ජලාශවල ඉදි කිරීමට යෝජිත පාවෙන සූර්ය බලශක්ති ව්‍යාපෘති, විදුලිය මිලදී ගැනීමට ගිවිසුම් ගත වී ඇති ව්‍යාපෘති සහ ගිවිසුම් ගත වීමට ඇති ව්‍යාපෘති, ගාස්තු සංශෝධන, පද්ධතියේ අවකාශය ලබා දීම යන කරුණු පිළිබඳව ප්‍රගතිය එහිදී සමාලෝචනය කර තිබේ.

පුනර්ජනනීය ව්‍යාපෘති කඩිනම් කිරීමට සහ ඇති ගැටළු නිරාකරණය කිරීමට විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියට එක්ව කටයුතු කිරීමට කමිටුවක් ද එහිදී පත්‍ කෙරිණ.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම