ඩෙංගු අවදානම ඉහලට
2022-08-27 15:17:33
Share with:

ඇතැම් ආයතන පරිශ්‍රවල ඩෙංගු මර්දනය වෙනුවෙන් නිසි ක්‍රියාමාර්ග නොගැනීම හේතුවෙන් ඩෙංගු අවදානම ඉහල ගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි.

නිවාස ආශ්‍රිතව ඩෙංගු ව්‍යාප්තිය පාලනය වුවද ආයතන හා පොදු පරිශ්‍රවල එම තත්ත්වය දක්නට නැතැයි විශේෂඥ ප්‍රජා වෛද්‍ය නිමල්කා පන්නිලහෙට්ටි මහත්මිය කියයි. මේ වසරේ මේ දක්වා ඩෙංගු රෝගීන් 52 500 දෙනෙකු වාර්තා වී තිබේ. ඩෙංගු රෝගයේ ලක්ෂණ ඇත්නම් වහා වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු වන්නැයි ඇය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ලබන මස පළමුවැනිදා සිට 3 වැනිදා දක්වා දීපව්‍යාප්ත මට්ටමින් ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මකයි.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම