තුර්කිය, පින්ලන්තය සහ ස්වීඩනය යන රටවලින් සමන්විත ස්ථිර ඒකාබද්ධ යාන්ත්‍රණයේ රැස්වීම් අඛණ්ඩව
2022-08-27 15:49:08
Share with:

තුර්කිය, පින්ලන්තය සහ ස්වීඩනය යන රටවලින් සමන්විත ස්ථිර ඒකාබද්ධ යාන්ත්‍රණයේ පළමු රැස්වීම පැවැත්වේ.

තුර්කිය, පින්ලන්තය සහ ස්වීඩනය යන රටවල ස්ථිර ඒකාබද්ධ යාන්ත්‍රණයේ පළමු රැස්වීම ඊයේ (26) දකුණු පින්ලන්තයේ වැන්ටා නගරයේ දී පැවැත්විණ. එම රටවල් තුනේ විවිධ දෙපාර්තමේන්තු වල විශේෂඥයින් මෙම රැස්වීමට සහභාගී වූ අතර ත්‍රෛපාර්ශ්වික ස්ථීර ඒකාබද්ධ යාන්ත්‍රණයේ විශේෂඥ මට්ටමේ රැස්වීම මෙම සරත් සමයේ අඛණ්ඩව පැවැත්වීමට එකඟ වී තිබේ.

පසුගිය ජූනි මාසයේ මැඩ්රිඩ්හි පැවති නේටෝ නායක සමුළුවේදී, නේටෝ සංවිධානයට එක්වීමට පින්ලන්තයට සහ ස්වීඩනයට සහාය දැක්වීමට තුර්කියේ එකඟතාව තහවුරු කෙරෙන සංදේශයකට තුර්කිය, පින්ලන්තය සහ ස්වීඩනය අත්සන් තැබීය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම