‘ Lisbon Maru ’ නෞකාවේ බේරා ගනු ලැබූ පුද්ගලයන්ගේ ඥාතීන්ට චීන ජනපතිගෙන් ප්‍රතිචාර ලිපියක්
2022-08-27 15:47:37
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා ‘ Lisbon Maru ’ නෞකාවේ බේරා ගනු ලැබූ පුද්ගලයන්ගේ ඥාතීන් වෙත ප්‍රතිචාර ලිපියක් යොමු කරයි.

චීන-බ්‍රිතාන්‍ය මිතුදම තවදුරටත් තහවුරු කිරීම දිරිගන්වමින්, වඩාත් වැඩි බ්‍රිතාන්‍යයේ මිතුරන් චීන-බ්‍රිතාන්‍ය සබඳතාව වර්ධනය සඳහා දායක වනු ඇති බවට හෙතෙම ප්‍රතිචාර ලිපිය මගින් අපේක්ෂාව පළ කළේ ය.

මෙම වසර චීනය හා බ්‍රිතාන්‍යය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 50වැනි සංවත්සර වසරය ය. ගතවූ සියවස් භාගය තුළ, දෙරටේ සබඳතාව නොකඩවාම නව මට්ටම් දක්වා වර්ධනය වී ඇත්තේ දෙරටේ මිත්‍රශීලී පුද්ගලයන් විශාල පිරිසකගේ අපමණ දායකත්වයෙන් බව ෂී ජින් පිං මහතා සිය ලිපියේ අවධාරණය කරයි.

1942 වසරේ ඔක්තෝබර් මාසයේදී, හොංකොං සිට ජපානයට බ්‍රිතාන්‍ය යුද සිරකරුවන් 1,800 කට වැඩි ප්‍රමාණයක් රැගෙන යාම සඳහා ජපාන හමුදාව විසින් ඉල්ලා සිටි "Lisbon Maru"  භාණ්ඩ ප්‍රවාහන නෞකාව, චීනයේ Zhejiang පළාතේ Zhoushan දූපත්වලට ඔබ්බෙන් ඇමරිකා හමු‍දාවේ පහර දීමට ලක්විය.

එහිදී බ්‍රිතාන්‍ය හමුදා සෙබළුන් 843ක් මිය ගිය අතර අනතුර සිදුවූ ප්‍රදේශයේ ධීවරයින් විසින් 384‍ දෙනෙක් බේරා ගන්නා ලදි.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම