චීනයේ යුද අභ්‍යාසය යනු ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව අධිෂ්ඨානශීලීව ආරක්ෂා කිරීම සඳහා ගත් නීත්‍යානුකූල සහ සාධාරණ පියවරක්
2022-08-26 15:02:05
Share with:

චීනයේ යුද අභ්‍යාසය යනු ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව අධිෂ්ඨානශීලීව ආරක්ෂා කිරීම සඳහාවන නීත්‍යානුකූල සහ සාධාරණ පියවරක් බව චීන ආරක්ෂක අමාත්‍යංශය පවසයි.

චීන ආරක්ෂක අමාත්‍යංශයේ ප්‍රකාශක කර්නල් Tan Kefei ඊ‍යේ(25) මාධ්‍ය හමුවකදී මේ බව සඳහන් කරමින් පැවසුවේ, මෙම අර්බුදයේ ආරම්භකයා ලෙස ඇමරිකාව එහි සම්පූර්ණ වගකීම භාර ගත යුතු බවයි.

චීන හමුදාව තායිවාන දූපත අසල හමුදා අභ්‍යාස සිදු කිරීමට එරෙහිව, ඇමරිකාව සහ ජපානය යන රටවල නිලධාරීහූ මෑතකදී බොහෝ වරක් අදහස් දක්වමින් පදනම් විරහිත ව චෝදනා කළහ.

මේ පිළිබඳ Tan Kefei මහතා පැවසුවේ, චීන මහජන විමුක්ති හමුදාව මෑතකදී චීනයේ තායිවාන දූපත ආසන්නයේ සිදුකළ යුධ අභ්‍යාස මාලාව,  ප්‍රකෝපකාරීන්ට සහ සත්‍යයට බාධා කරන පුද්ගගලයන්ට අනතුරු ඇඟවීමේ ප්‍රතිචාරයක් වන අතර, එය ජාතික ස්වෛරීභාවය සහ භෞමික අඛණ්ඩතාව අධිෂ්ඨානශීලීව ආරක්ෂා කිරීම සඳහාවන නීත්‍යානුකූල සහ සාධාරණ පියවරක් බවයි.

ඇමරිකා පාර්ශ්වය එකම චීනය යන මූලධර්මයට දැඩි ලෙස අවනත විය යුතු බවත්, තායිවාන සමුද්‍ර සන්ධියේ දැඩි තත්වය තවදුරටත් ප්‍වර්ධනය කිරීම වෙනුවට ඇමරිකාව සිය වැරදි නිවැරදි කිරීමට වහා පියවර ගත යුතු බවත්, Tan Kefei මහතා අවධාරණය කළේ ය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම