ඇමරිකාවේ ප්‍රකෝපකාරී හැසිරීම්වලට එරෙහිව යුධ විරෝධී සහ සාමයට ලැදි එකතුවක් ලෝකය තුළ නිර්මාණය කරමු
2022-08-26 08:51:19
Share with:

ඇමරිකාවේ අධිරාජ්‍යවාදී සැලසුම අනුව ඔවුන්ගේ ආධිපත්‍යය ලොව පුරා පවත්වා ගෙන යාමට සෑම අවස්ථාවකදීම උත්සාහ කරයි. අද ලෝක ක්‍රමය තුළ පවතින අභියෝග පාලනය කිරීමට ද ඇමරිකාව උත්සාහ ගනිමින් සිටී. එහිදී ආසියානු කලාපය කෙරෙහි විශේෂ අවධානයක් යොමු කොට ඇත. ඒ සඳහා ආසියානු කලාපය තුළ අර්බුදයන් නිර්මාණය කිරීමට විවිධ උපක්‍රම නිර්මාණය කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා ප්‍රකාශ කළේය.

මෙම ඇමරිකානු බලපෑම් කෙරෙහි ශ්‍රී ලංකාවේ ජනතාව ද සිය විරෝධය දක්වමින් සිටී. එමෙන්ම ලංකාවේ පවතින ආර්ථික අර්බුදකාරී තත්ත්වය ප්‍රයෝජනයට ගනිමින් සිය ආධිපත්‍යය තුළ අයුතු බලපෑම් කරනු දැකිය හැක. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සැලසුම් අනුව ශ්‍රී ලංකාවට ඉදිරියේ දී කටයුතු කිරීමට සිදු වුවහොත් ඒ හරහා ඇමරිකාව සෘජුවම සිය මැදිහත්වීම සිදු කරන බව ද හෙතෙම කියා සිටී.

ආසියාවේ ප්‍රබලම රටවල් අතර ද ගැටුම් නිර්මාණය කිරීමට උපක්‍රමිකව ඇමරිකාව කටයුතු කර ඇත. ආසියාවේ සියලු රටවල් එකට එක් වීම ඇමරිකානු ආධිපත්‍යයට තර්ජනයක් වන හෙයින් මෙලෙස ආසියාවට අනිසි මැදිහත්වීම් සිදු කරයි.

චීනය සෑම විටම බහුපාර්ශ්වීය ප්‍රවේශයක් තුළ සහයෝගීව කටයුතු කරන රටකි. නමුත් ඇමරිකාව සහ යුරෝපය, ලොව රටවල් සිය ආධිපත්‍යයට නතු කර ගැනීමට හැමවිටම උත්සාහ ගනී. එම අනිසි මැදිහත්වීමට චීනය බාධාවක් බව සිතමින් චීනයට යම් බලපෑම් එල්ල කිරීමට උත්සාහ ගනු බවක් දක්නට ලැබේ. ඇමරිකාව ආසියා පැසිෆික් ගිවිසුම්ගත වීම් හරහා ද අරමුණ කරන්නේ චීනයේ සංවර්ධනයට බලපෑම් කිරීමට බව ද මන්ත්‍රීවරයා ප්‍රකාශ කළේය.

ඇමරිකාවේ මෙම අයුතු බලපෑම් පාලනය කිරීමට නම්, ලෝකය තුළ විශාල වශයෙන් යුධ විරෝධී සහ සාමයට ලැදි එකතුවක් නිර්මාණය වීම වඩා වැදගත් වේ. එවැනි එකතුවක් හරහා ඇමරිකාවේ ප්‍රකෝපකාරී කටයුතු පාලනය කළ හැකි බවද හෙතෙම සඳහන් කරයි. යුධ විරෝධී ව්‍යාපාරයක් නිර්මාණය කර ගනිමින් ඒ සඳහා ඇමරිකානු ජනතාවගේ ද සහයෝගය ලබා ගනිමින් ඇමරිකානු පාලනයට එය එරෙහිව ක්‍රියාත්මක විය යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240420සෙනසුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම