චීනයේ නියමු නිදහස් වෙළඳ ක‍ලාප ඉහළ සාර්ථකත්වයක් අත්කර ගනී
2022-08-26 11:39:00
Share with:

           

             චීනයේ නියමු නිදහස් වෙළඳ කලාපවල ක්‍රියාකාරීත්වය යහපත් මට්ටමේ පවතී.

           2019 වසරේ ‍අගෝස්තු මාසයේ ශැංහයි නියමු නිදහස් වෙළඳ කලාපයේ Lin-gang නව ප්‍රදේශයට අමතරව ශාන් තුං ,චියං සු , ගුවං ශි, හ බෙයි, යුන් නැන් සහ හේ ලොං චියං යන නිදහස් වෙළඳ කලාප 6ක් ස්ථාපිත කෙරිණ. ගත වූ වසර 3 තුළ එම නිදහස් වෙළඳ කලාප සඳහා වන සැලැසුම් 7ට අදාළ නියමු ව්‍යාපෘති 713ක් මූලික වශයෙන් ක්‍රියාත්මක කර ඇතැයි චීන වාණිජ අමාත්‍යාංශය ඊයේ (25) නිත්‍ය මාධ්‍ය හමුවක් පවත්වමින් ප්‍රකාශ කළේ ය.

             ගෙවී ගිය වසර 3 තුළ නියමිත උපාය මාර්ග හා සංව‍ර්ධන ඉලක්ක අනුව එම නියමු නිදහස් වෙළඳ කලාප ඉහළ මට්ටමේ ප්‍රතිසංස්කරණ පියවර ගනිමින් යහපත් ප්‍රතිඵල අත්කරගෙන තිබේ. මෙම වසරේ මුල් මාස 6යේ ශැංහයි නියමු නිදහස් වෙළඳ කලාපයේ Lin-gang නව ප්‍රදේශය යුවාන් බිලියන 7ක විදේශ ආයෝජනයක් ලබාගෙන ඇත. එය පසුගිය වසරේ සමාන කාලයට වඩා 4.5 ගුණයකින් වැඩිවීමකි. එමෙන් ම ශාන් තුං , චියං සු ඇතුළු නිදහස් වෙළඳ කලාප 6යේ ආනයන අපනයන සහ විදේශ ආයෝජනය පසුගිය වසරේ සමාන කාලයට වඩා වෙන් වෙන් ව 17.1%කින් හා 23.5%කින් වර්ධනය වී තිබේ. එම නියමු නිදහස් වෙළඳ කලාප ලද අත්දැකීම් රටේ සෙසු ප්‍රදේශවලට මනා ආදර්ශයක් ලබා දෙමින් එම ප්‍රදේශවල ව්‍යාපාරික පරිසරය අඛණ්ඩව යහපත් කිරීමට රුකුල් දෙන බව චීන වාණිජ අමාත්‍යංශය පවසයි.

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම