ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ගොවි ජනතාවට නොමිළේ ලබා දෙන පොහොර දෙසතියක් ඇතුළත
2022-08-26 15:16:01
Share with:

ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් ගොවි ජනතාවට නොමිළේ ලබා දෙන  යුරියා පොහොරවලින්  මෙට්‍රික් ටොන් 1000ක් ඉදිරි දෙසතිය ඇතුළත මෙරටට ලැබෙන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

ශ්‍රී ලංකාවේ අඩු ආදායම්ලාභී ගොවි පවුල්වලට වී වගාව සඳහා කිලෝග්‍රෑම් 50ක බරින් යුත් යුරියා පොහොර මලු 375,000ක් ලබා දීමට ලෝක ආහාර හා කෘෂිකර්ම සංවිධානය විසින් එකඟතාව පළ කර ඇත.

මෙම යුරියා පොහොර තොගය අක්කරයකට වඩා අඩු කුඹුරු ප්‍රමාණයක් තිබෙන ගොවීන් 375,000කට එක් ගොවියෙකුට කිලෝග්‍රෑම් 50ක් බැගින්  නොමිලයේ ලබා දීමට නියමිත බව කෘෂිකර්ම අමාත්‍යාංශය පවසයි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම