මානව වර්ගයාගේ පැවැත්මට තර්ජනය කරන ඇමරිකාවේ උපක්‍රමයන්
2022-08-26 10:20:14
Share with:

ආසියාවේ රටවල් අතර යම් යම් ප්‍රතිවිරෝධයන් නිර්මාණය කිරීමට උපක්‍රමිකව ඇමරිකාව ප්‍රමුඛ ඒකාබද්ධ බටහිර කටයුතු කරමින් සිටින බව කොළඹ විශ්ව විද්‍යාලයේ ශ්‍රීපාලි මණ්ඩපයේ ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා ප්‍රකාශ කරයි. ශ්‍රී ලංකාව සහ චීනය අතර පවතින ඓතිහාසික සබඳතාවට බාධා කිරීමට ඔවුන් උපක්‍රමිකව සහ සැලසුම් සහහතව කටයුතු කරමින් සිටී.

චීනය සහ රුසියාව අඩපණ කරමින් සිය ආධිපත්‍යය ලෝක ක්‍රමය තුළ පවත්වා ගැනීමට ඇමරිකාව උත්සුක වෙමින් සිටී. එවැනි අවස්ථාවක සාමුහිකව කටයුතු කිරීම වඩා වැදගත් වේ. එමෙන්ම පෙරදිග කේන්ද්‍ර කොට නව ආර්ථික, තාක්ෂණික සංවිධාන නිර්මාණය වීමේ ප්‍රවණතාවයන් වර්ධනය වෙමින් ඇත. ඒ තුළ බටහිර ආධිපත්‍යය ක්‍රමිකව අහිමි වෙමින් පවතී. එම අහිමි වන ඇමරිකාව ප්‍රමුඛ බටහිර ආධිපත්‍යය නැවත ලබා ගැනීමට විනාශකාරී ලෙස සැලසුම් සකස් කරමින් ලෝකය තුළ ගැටුම් නිර්මාණය කිරීමට උත්සාහ ගනිමින් සිටින බව දැකිය හැක.

විශේෂයෙන්ම ඇමරිකාව ආර්ථික, දේශපාලන සහ සංස්කෘතික ආධිපත්‍යය අහිමි කර ගනිමින් එය වෙළඳාම හා තාක්ෂණය යන අංශවලට ද ව්‍යාප්ත වෙමින් සිය පරිහානිය ළගා කර ගනිමින් සිටී. එය මේ මොහොතේ ඇමරිකාව ඓතිහාසිකව මුහුණ දෙමින් සිටින අර්බුදයකි. එපමණක් නොව උතුරු අත්ලාන්තික් කලාපය සහ යුරෝපය තුළ ද ඔවුන්ගේ විභවතාවයන් සිදී ගොස් ඇත.

ගෝලීය මූල්‍ය ධනවාදයට ද ප්‍රබල බලපෑමක් එල්ල වී ඇත. මෙවැනි තත්ත්වයන් තුළ සිය ආධිපත්‍යය සුරක්ෂිත කර ගැනීමට ලෝක යුද්ධයක් නිර්මාණය කිරීමට ඒකාබද්ධ බටහිර සැලසුම් කරමින් සිටී. නූතන ලෝකයේ තාක්ෂණය කේන්ද්‍ර කර ගත් නව බලවේග නිර්මාණය වීමත් සමග පැරණි ධනවාදී ක්‍රමය බැහැර වෙමින් පවතී. ඒ තුළ සිය ධනවාදී ක්‍රමය ආරක්ෂා කර ගනිමින් නූතන පද්ධතිය වෙනස් කිරීමට ඇමරිකාව උත්සාහ කරයි. ඒ සඳහා නිර්-කාර්මීකරණය සහ ජනගහනය අඩු කිරීම ආදිය සඳහා විවිධ සැඟවුණු සැලසුම් ක්‍රියාත්මක වෙමින් පවතින බවද හෙතෙම කියා සිටී. එය මානුෂ්‍ය වර්ගයාගේ පැවැත්මට මාරාන්තික තර්ජනයකි. මානවයාගේ පැවැත්මට ඇති මෙම තර්ජනය ඇති කරන සැබෑ සතුරා කවුද යන්න හදුනා ගනිමින් සාමුහිකව ඒක රාශිවීම වඩා වැදගත් බව ආචාර්ය ටියුඩර් වීරසිංහ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම