මූලික හා ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ලක්වන කරුණු වලදී එකිනෙකාට සහාය දැක්වීමේ මනා සම්ප්‍රදාය චීනයෙන් හා ශ්‍රී ලංකාවෙන් මැනවින් පිළිබිඹු වන බව ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයා පවසයි
2022-08-26 20:03:45
Share with:

මෑත දිනවලදී  චීනය හා සම්බන්ධ ප්‍රධාන පුවත් දෙකක් ශ්‍රී ලංකාවේ දී  නෙත ගැටුණු බව ශ්‍රී ලංකාවේ චීන තානාපති චී චෙන්ග්හොන්ග් මහතා පවසයි.නැන්සි පෙලොසි චීන තායිවාන ප්‍රදේ‍ශයේ අනවසරයෙන් සංචාරය කිරීම හා යුවන් වන්ග් 5 නෞකාව ශ්‍රී ලංකාවට පැමිණීම එම පුවත් දෙකයි. නැන්සි පෙලොසිගේ සංචාරයට එරෙහිව චීනය වහාම ප්‍රති පියවර දැක්වීය. රටවල් 170 කට අධික සංඛ්‍යාවක් එකම චීනය ප්‍රතිපත්තියට දැඩිව සහාය පල කළ අතර ඇමරිකාවේ ප්‍රාකෝපකාරී ක්‍රියාවට දැඩි විරෝධය පළ කෙ‍රිණ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හා ශ්‍රී ලංකාවේ බොහෝ දේශපාලන පක්ෂ හා සමාජ කණ්ඩායම් චීනයේ සාධරණත්වය වෙනුවෙන් විවෘතව හඬ නැගීම ගැන තමා කෘතවේදී වන බවද චීන තානාපතිවරයා සඳහන් කරයි.

ඒ අතරම තුන්වන පාර්ශ්වයන්හී පදන්ම් විරහිත සහ දුෂ්ඨ බාධා කිරීම් මධ්‍යයේ චීනයේ විද්‍යාත්මක  පර්යේෂණ නෞකාවක් වන යුවන් වන්ග් 5 ශ්‍රී ලංකා රජයේ අවසරය සහිතව නෞකාව හම්බන්තොට වරායට සේන්දු විය.

මෙම කාරණා දෙක අදාළ නොවන ලෙස පෙනිය හැකි දෙයක් මෙන්ම සැතපුම් දහස් ගණනක් ඇතීන් සිදුවු සිද්ධීන් දෙකක් වුවද ඉන් චීනය සහ ශ්‍රී ලංකාව සමාන  වැදගත්කමක් බෙදාහදා ගැනීමක් දැක්වේ.  එනම් එකිනෙකා  ඒකාබද්ධව ආරක්ෂා කිරීමය. එකිනෙකාගේ ස්වෛරීභාවය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව මෙම කාරණා දෙකටම සම්බන්ධය.ක්‍රියාව හා ප්‍රතිඵලය ද  සමානය. වසර 65 කට පෙර රාජ්‍යතාන්ත්‍රික සබඳතාව ස්ථාපිත කිරීමේ සිට චීනය හා ශ්‍රී ලංකාව සැමවිටම අන්යෝන්‍ය ‍අවබෝධය , ගෞරවය , මූලික හා ප්‍රධාන වශයෙන් සැලකිල්ලට ලක්වන කරුණු වලදී එකිනෙකාට සහාය දැක්වීමේ මනා සම්ප්‍රදාය මෙම කාරණා දෙකේදීම මැනවින් පිළිබිඹු වූ බව ලංකාවේ චීන තානාපති චී චෙන්ග්හොන්ග් මහතා පෙන්වා දෙයි.


 

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම