ඇමරිකාවේ අනිසි අපනයන පාලන පියවර සමස්ත ලෝකයටම හානියක් බව අවධාරණය කෙරේ
2022-08-26 10:47:26
Share with:

ඇමරිකාව චීනයට සම්බන්ධ ආයතන හතක් එහි අපනයන පාලන ලැයිස්තුවට ඇතුළත් කිරීම සම්බන්ධයෙන් චීන වාණිජ අමාත්‍යංශය ප්‍රතිචාර දක්වයි. එම පියවරට දැඩි ලෙස විරුද්ධ වන බවත් ඇමරිකාව තම වැරදි ක්‍රියාව නිවැරදි කළ යුතු බවත් චීන වාණිජ අමාත්‍යංශ ප්‍රකාශිකා Shu Jueting මහත්මිය ඊයේ (25) ප්‍රතිචාර දක්වමින් කියා සිටියාය.

ඇමරිකාව අපනයන පාලනය වැනි ක්‍රියාමාර්ග අනිසි ලෙස භාවිත කර, වෙනත් රටවල සමාගම් සහ ආයතන මර්දනය කිරීමට රාජ්‍ය බලය භාවිත කර, අපනයන පාලන ලැයිස්තුවට චීන ආයතන හතක් ඇතුළත් කර ඇත. ඇමරිකාවේ ක්‍රියාවන් චීන සහ ඇමරිකා සමාගම් අතර සාමාන්‍ය ආර්ථික හා වෙළඳ හුවමාරු සහ සහයෝගීතාවයට බරපතල හානි කිරීමකි. එය වෙළඳපල නීති සහ ජාත්‍යන්තර ආර්ථික හා වෙළඳ පිළිවෙළට ද බරපතල බාධා පමුණුවා ඇත. මෙ‍වැනි තත්වයක් චීනයට සහ ඇමරිකාවට පමණක් නොව සමස්ත ලෝකයටම අයහපතක් බව එම ප්‍රකාශිකාව වැඩිදුරටත් පැවසුවාය.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම