චීන වෙළඳපොළ විදේශ ආයෝජන සඳහා ප්‍රබල ආකර්ෂණයක් ලෙස පවතින බව වාණිජ අමාත්‍යාංශය පවසයි
2022-08-25 18:35:00
Share with:

චීන වාණිජ අමාත්‍යංශය අද පැවැත්වූ නිත්‍ය ප්‍රවෘත්ති සාකච්ඡාවකදී එහි ප්‍රකාශකයෙකු පැවසුවේ මෙම වසරේ මුල් මාස හත තුළ චීනයේ විදේශ ආයෝජනවල සැබෑ භාවිතය පසුගිය වසරේ සමාන කාලයට වඩා  සියයට 17.3 කින් ඉහළ ගොස් ඇති බවයි. මෙම වසරේ ආරම්භයේ සිට, චීනයේ විදේශ ආයෝජනවල සැබෑ භාවිතය අඛණ්ඩව ඉහළ ගොස් ඇති අතර, චීන වෙළඳපොළ විදේශ ආයෝජන සඳහා ඉතා ආකර්ෂණීය ලෙස තවදුරටත් පවතී.

චීනයේ සම්පූර්ණ කාර්මික පද්ධතිය, සුපිරි විශාල වෙළෙඳපොළ, ස්ථාවර සමස්ත සමාජ තත්ත්වය සහ දිගුකාලීන ආර්ථික මූලධර්මවල විස්තීර්ණ වාසි චීනයේ විදේශීය සමාගම් හී සංවර්ධනය සඳහා හොඳ පදනමක් නිර්මාණය කර ඇති බව එම අමාත්‍යංශය පවසයි.

 

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම