ශ්‍රී ලාංකික සිසු සිසුවියන් 18දෙනෙකුට චීනයේ පූර්ණ ශිෂ්‍යත්ව
2022-08-25 14:51:20
Share with:

පූර්ණ ශිෂ්‍යත්ව යටතේ ශ්‍රී ලාංකික සිසු සිසුවියෝ 18දෙනෙක් චීනයේ අධ්‍යාපනය ලබා ගැනීමේ වරම් හිමිකර ගනිති. ශ්‍රී ලංකාවේ චීන තානාපති Qi Zhenhong මහතා සහ ශ්‍රී ලංකාවේ අධ්‍යාපන ඇමති සුසිල් ප්‍රේමජයන්ත මහතා ගේ ප්‍රධානත්වයෙන් හෙට(26) පෙරවරු 10ට කොළඹ පිහිටි චීන සංස්කෘතික මධ්‍යාස්ථානයේ දී එම සිසුන් පිරිස වෙත ශිෂ්‍යත්ව පිරිනැමීමට නියමිත ය. 

Sichuan විශ්වවිද්‍යාලය, Shandong විශ්වවිද්‍යාලය ඇතුළු චීනයේ ප්‍රකට විශ්වවිද්‍යාල ඊට අයත් ය. විශේෂ උපාධි අපේක්ෂකයෝ 7දෙනෙක්, පශ්චාත් උපාධි අපේක්ෂකයෝ 10දෙනෙක් සහ ආචාර්ය උපාධි අපේක්ෂකයෙක් ඊට අයත් වෙති.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම