චීන - දකුණු කොරියා පොදු වර්ධනීය සබඳතාවේ වැදගත් කම චීන විදේශ ඇමතිවරයා පෙන්වා දෙයි
2022-08-25 14:24:53
Share with:

චීන විදේශ ඇමති වං යී මහතා චීන-දකුණු කොරියානු රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාව පිහිටුවීමේ 30වැනි සංවත්සරය වෙනුවෙන් පැවති භෝජන සංග්‍රහයට එක් වෙයි.

ඊයේ(24) බෙයිජිංහිදී පැවති එම භෝජන සංග්‍රහයට චීනයේ දකුණු කොරියානු තානාපති Chung Jaeho මහතා ද සහභාගි විය.

එහිදී වං යී මහතා විසින් චීන ජනාධිපති ෂී ජින්පිං මහතා, දෙරටේ රාජ්‍යතාන්ත්‍රික සම්බන්ධතාවය පිහිටුවීමේ 30වැනි සංවත්සරය වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩය ප්‍රකාශයට පත් කරනු ලැබූ අතර Chung Jaeho මහතා විසින් Yun Seok-yeol ජනාධිපතිවරයා එම අවස්ථාව වෙනුවෙන් නිකුත් කළ සුබ පැතුම් පණිවිඩය  ප්‍රකාශයට පත් කළේ ය.

චීනය හා දකුණු කොරියාව, අතීතයේ හා වර්තමානයේ මෙන්ම අනාගතයේ ද, හොඳ අසල්වැසියන්, හොඳ මිතුරන් හා හොඳ හවුල්කරුවන් වන බව වං යී මහතා එහිදී පෙන්වා දෙයි. දෙපාර්ශ්වය අන්‍යෝන්‍ය සන්නිවේදනය පුළුල් කරමින් පොදු සංවර්ධනය වෙනුවෙන් පොදුවේ උත්සාහ දැරිය යුතුය. යුක්තිය ස්ථිරව ආරක්ෂා කරමින් සාමය පොදුවේ ප්‍රවර්ධනය කළ යුතු බව ද වං යී මහතා කියා සිටියේය.

 ගෙවී ගිය වසර 30, දකුණු කොරියානු-චීන සම්බන්ධතාවයේ වර්ධනීය ඉතිහාසයක් පමණක් නොව, ද්වීපාර්ශ්වික සම්බන්ධතාවය අසීරුතා රැසක් මග හැර පරිණතබව අඛණ්ඩව ළඟා කර ගැනීමේ ක්‍රියාදාමයක් ද සනිටුවන් කළ කාලයක් බව චීනයේ දකුණු කොරියානු තානාපතිවරයා එහිදී පැවසීය. දකුණු කොරියානු නව රජය, අන්‍යෝන්‍ය ගරුත්වයේ පදනම මත චීනය සමග උපක්‍රමීය සහයෝගතා හවුල්කාරීත්වය ගැඹුරට වර්ධනය කිරීමෙහි නියැළී සිටින බව ද ඔහු අවධාරණය කර ඇත.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම