රට තුළ නැවත වරක් කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක්
2022-08-25 14:54:58
Share with:

කොවිඩ් වයිරසය සම්බන්ධයෙන් මහජනතාව නොසැලකිලිමත්ව කටයුතු කළහොත් රට තුළ නැවත වරක් කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානමක් පවතින බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (සෞඛ්‍ය සේවා) විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා  පවසයි.මේ වන විට දෛනිකව වාර්තා වන කොවිඩ් ආසාදිතයන්ගේ සංඛ්‍යාව 100 ඉක්මවා යාම සිදු වන බවත් එවැනි පසුබිමක් යටතේ කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ ඉහළ අවදානමක් පවතින බවත් ඒ මහතා ප්‍රකාශ කළේය.

කොවිඩ් මර්දන එන්නත්කරණය සහ ⁣කොවිඩ් මර්දන සෞඛ්‍ය උපදෙස් පිළිපැදීම මඟින් කොවිඩ් පොකුරු නිර්මාණය වීමේ අවදානම මඟ හරවා ගත හැකි යැයිද හෙතෙම පැවසීය.

 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම