ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සහ ජනාධිපතිවරයා අතර සාකච්ඡාවක්
2022-08-25 14:58:00
Share with:

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ නියෝජිතයන් සමග තාක්‍ෂණික මට්ටමේ සාකච්ඡා ඇරඹේ. කොළඹ දී ආරම්භ වු මෙම සාකච්ඡා සදහා මහ බැංකු අධිපතිවරයා ඇතුලු නිලධාරීහු මෙන්ම මුදල් අමාත්‍යංශයේ නිලධාරීහු පිරිසක් සහභාගී වූහ.

ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ ශ්‍රී ලංකාවේ ජ්‍යෙෂ්ඨ දුත මණ්ඩල ප්‍රධානී පීටර් බෲවර් සහ එහි ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් කටයුතු කරන මෙහෙයුම් ප්‍රධානී මසයිරෝ නොසාකි යන මහත්වරු එම නියෝජිත කණ්ඩායමේ නයකත්වය දරති.

මේ අතර එම නියෝජිත පිරිස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමග ද සාකච්ඡා කළහ.

ශ්‍රී ලංකාව මුහුණ දී සිටින මූල්‍ය අර්බුදයේ වත්මන් තත්ත්වය පිළිබඳව මෙහිදී සාකච්ඡාවට ලක්විය.

ගුවන් විදුලිය
20240422සඳුදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම