ඇමරිකාවෙන් යුක්‍රේනයට විශාල ආයුධ පැකේජයක්
2022-08-25 10:49:52
Share with:

රුසියා යුක්‍රේන ගැටුම ආරම්භවීමෙන් පසු ඇමරිකාව යුක්‍රේනයට ලබා දෙන වැඩිම වටිනාකමෙන් යුත් ආයුධ පැකේජය ප්‍රකාශයට පත් කෙරේ.එය ඇමරිකා ‍ඩොලර් බිලියන 3 කට ආසන්න බව ඇමරිකාව නිවේදනය කළේ ය.

එරට ආරක්ෂක දෙපාර්තමේන්තුවට අනුව මෙම පැකේජයට ගොඩබිම සිට ගුවනට එල්ල කරන මිසයිල , කාල තුවක්කු උණ්ඩ, මෝටාර් මෙන්ම ප්‍රති කාලතුවක්කු රේඩාර් පද්ධතීන් ද අයත් වේ. බයිඩන් ජනාධිපතිවරයා බලයට පත්වීමෙන් පසු යුක්‍රේනයට ඇමරිකා ඩොලර් බිලියන 13.5 කට වැඩි ආරක්ෂක ආධාර ලබා දෙන බවට  ඇමරිකාව ප්‍රතිඥා දී තිබේ.

 

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම