ඇමරිකා ගුවන් හමුදාව සිරියාවේ සිදු කළ ගුවන් ප්‍රහාරය ආක්‍රමිණික ‍මෙන්ම ත්‍රස්ත ප්‍රහාරයක් බව ඉරානය කියයි
2022-08-25 18:31:52
Share with:

ඇමරිකා ගුවන් හමුදාව සිරියාවේ දේශීය පහසුකම්වලට පහර දෙයි.

ඇමරිකාවේ මධ්‍යම අණදෙන මධ්‍යස්ථානය පළ කළ නිවේදනයට අනුව සිරියාවේ Ter Zor ප්‍රදේශයේ ඉරාන ඉස්ලාමීය විප්ලවවාදී ආරක්ෂක බලකායට අයත් සටන්කාමී සංවිධානයේ යටිතල පහසුකම්වලට ඇමරිකා හමුදාව ප්‍රහාර එල්ල කර තිබේ. ඇමරිකානු ජනාධිපති Joe Biden මහතාගේ නියෝගයකට අනුව එම ප්‍රහාරය එල්ල කර ඇත.  ඉරානයේ විදේශ අමාත්‍යංශයේ ප්‍රකාශක Nasser Kanaani මහතා ඊයේ(24) පැවසුවේ ඇමරිකා හමුදාව සිරියාවේ සිදු කළ ප්‍රහාරය ආක්‍රමණික ක්‍රියාවක් මෙන්ම ත්‍රස්තවාදී ක්‍රියාවක් බවයි. ඉන් සිරියාවේ ස්වාධිපත්‍යය, ස්වාධීනත්වය හා භෞමික අඛණ්ඩතාවට උල්ලංඝනය කර ඇති බව හෙතෙම පැවසීය.

ගුවන් විදුලිය
20240425බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම