පාකිස්ථානය ගංවතුර හා ජල විපත් පාලනය කිරීමට චීනයෙන් තවත් සහනාධාරයක්
2022-08-24 18:43:08
Share with:

පාකිස්ථානයේ ගංවතුර හා ජල විපත් පාලනය කිරීම සඳහා චීනය තවත් සහනාධාරයක් ලබා දෙයි.

චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයෙකු පාකිස්ථාන ගංවතුර හා ජල විපත් සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ එරටට කූඩාරම් 25දහසක් සහ හදිසි අවශ්‍ය සැපයුම් ඇතුළු තවත් මානුෂීය සහනාධාර‍ තොගයක් ලබා දීමට චීනය පියවර ගනු ඇති   බවයි. එම ආධාර කඩිනමින්  පාකිස්ථානය වෙත යැවීමට පියවර ගෙන ඇත. මීට අමතරව, චීන රතු කුරුස සංගමය පාකිස්ථාන රතු අඩ සඳ සංගමයවෙත ඇ.ඩො. ලක්ෂ 3ක හදිසි මූල්‍යමය ආධාරයක් ලබා දෙනු ඇති බවද  චීන විදේශ අමාත්‍යංශ ප්‍රකාශකයා කියා සිටී.

දැඩි මෝසම් වැසි හේතුවෙන්, පාකිස්ථානයේ Balochistan පළාත ඇතුළු විවිධ ප්‍රදේශ වල බරපතල ගංවතුර හා ජල විපත් හටගෙන ඇත. 700කට වැඩි පිරිසක් ඉන් මිය ගොස් ඇති අතර, ලක්ෂ 3කට අධික ජනතාවක් අවතැන්ව සිටිති.

ගුවන් විදුලිය
20240326අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම