චීන එන්නත් නියාමන පද්ධතිය ලෝක සෞඛ්‍ය සංවිධාන නව වටයේ ඇගයීම් තක්සේරුවෙන් සමත් වෙයි
2022-08-24 11:26:07
Share with:

චීන එන්නත් නියාමන පද්ධතිය  ලෝක සෞඛ්‍ය සංවිධාන නව වටයේ ඇගයීම් තක්සේරුවෙන් සමත් වෙයි. එය  ඊයේ(23)  නිවේදනය කෙරිණ.

චීන රාජ්‍ය ඖෂධ පරිපාලනය නිකුත් කළ තොරතුරුවලට අනුව, චීනයේ එන්නත් නියාමන පද්ධතිය 2011 වසරේ හා 2014 වසරේ දෙවරක් එම ඇගයීම් තක්සේරුවෙන් සමත් වී ඇත. පසුගිය ජුලි මාසයේ, ලෝක සෞඛ්‍ය සංවිධානය තක්සේරු නිර්ණායක දියුණු කිරීමෙන් පසු විස්තීරණ ඇගයීමේ නව වටයකින් ද , චීනයේ එම පද්ධතිය සමත් වී තිබේ.

ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම තක්සේරුව, ලොව පුරා පිළිගත්, රටක එන්නත් නියාමන මට්ටම විද්‍යාත්මකව සහ සවිස්තරාත්මකව සම්පූර්ණයෙන් ඇගයීමට ලක් කළ හැකි ජාත්‍යන්තර තක්සේරුවකි.

යම් රටක එන්නත් නිෂ්පාදන මිලදී ගැනීම සඳහා ලෝක සෞඛ්‍ය සංවිධානයේ මෙම තක්සේරුව පූර්ව අවශ්‍යතාවයකි. එසේම ඒ ඒ රටවලට එන්නත් නිෂ්පාදන ලියාපදිංචි කිරීමට සහ සෙසු රටවලින් මිලදී ගැනීමට මෙය වැදගත් සහතිකයකි.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම