දකුණු ආසියා රටවල් සමග සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීම කෙරෙහි චීනයේ අවධානය
2022-08-24 10:30:04
Share with:

දකුණු ආසියානු රටවල් සමඟ ප්‍රායෝගික සහයෝගීතාව තවදුරටත් ශක්තිමත් කරමින් දරිද්‍රතාවය අවම කිරීම, වසංගත විරෝධී, ආහාර සුරක්ෂිතතාව සහ දේශගුණික විපර්යාස වැනි ප්‍රධාන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ගැඹුරු සාකච්ඡා පැවැත්වීමටත් ගෝලීය සංවර්ධන මුලපිරීම් දකුණු ආසියාවේ ක්‍රියාත්මක කිරීම ඒකාබද්ධව ප්‍රවර්ධනය කිරීමටත් චීනය කැමැත්තෙන් සිටී. චීන ජාත්‍යන්තර සංවර්ධන සහයෝගිතා නියෝජිතායතනයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ Deng Boqing ඒ බව ප්‍රකාශ කළේ ඊයේ (23) පැවති චීන - දකුණු ආසියානු සංවර්ධන සහයෝගිතා සංවාද සමුළුවේදීය.

චීනය, මාලදිවයින, නේපාලය ඇතුළු විවිධ රටවල නියෝජිතයෝ "අන්‍යෝන්‍ය වශයෙන් වාසිදායක සහයෝගීතාව ශක්තිමත් කිරීම සහ පොදු කලාපීය සංවර්ධනයක් අපේක්ෂා කිරීම" යන තේමාව යටතේ අදහස් හුවමාරු කර ගත්හ. ශ්‍රී ලංකා විදේශ සම්පත් දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් අජිත් අබේසේකර මහතා ශ්‍රී ලංකාවේ ආර්ථික සංවර්ධනය සඳහා චීනය ඇතුළු අදාළ රටවල් දක්වන සහයෝගය පිළිබඳව සිය කෘතඥතාව පළ කළේය. සමීප සම්බන්ධීකරණයෙන් සහ සහයෝගීතාවයෙන් පමණක් සියලු පාර්ශ්වයන්ට ඔවුන්ගේ සංවර්ධන හැකියාවන් තවදුරටත් මුදා හැරිය හැකි අතර සංවර්ධන අභියෝගවලට ඒකාබද්ධව ප්‍රතිචාර දැක්විය හැකි යැයි ද ඔහු පැවසීය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම