භූමිතෙල් ඇතුළු ඉන්ධන වෙනුවෙන් ධීවර ජනතාවට සහනාධාරයක්
2022-08-24 15:19:53
Share with:

භූමිතෙල් ඇතුළු ඉන්ධන වෙනුවෙන් ධීවර ජනතාවට සහනාධාරයක් ලබා දෙන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතාට පොරොන්දු වෙයි.

ජනාධිපතිවරයා තමාට  දුරකතනයෙන් මේ බව දැනුම් දුන් බව ධිවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද මහතා පැවසීය.

ජනාධිපති සම්බන්ධීකරණ ලේකම්වරයා රටපුරා ධීවර නායකයන් කැඳවා ඔවුන්ගේ ප්‍රශ්න පිළිබඳව ඊයේ (23) දීර්ඝ වශයෙන් සාකච්ඡා කළේය.

මේ සාකච්ඡාවට ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්ද, එම අමාත්‍යාංශයේ ලේකම්  ඉන්දු රත්නායක,ධීවර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුසන්ත කහවත්ත යන මහත්ම මහත්මීන් ඇතුළු පිරිසක්ද සහභාගිවූහ.

 

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම