චීනය හා දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 30 වැනි සංවත්සරය වෙනුවෙන් දෙරටේ ජනාධිපතිවරුන්ගෙන් සුබ පැතුම්
2022-08-24 19:49:42
Share with:

චීනය හා දකුණු කොරියාව අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතාව පිහිටුවීමේ 30 වැනි සංවත්සරය වෙනුවෙන්, දෙරටේ ජනාධිපතිවරු සුබ පැතුම් පණිවිඩ හුවමාරු කර ගනිති.

ගත වූ වසර 30 තුළ, දෙරටේ‍ පොදු කැපකිරීම් තුළින් ද්වීපාර්ශ්වික සබඳතාව කාලයත් සමඟ පුළුල් ලෙස සංවර්ධනය වී ඵලදායී ප්‍රතිඵල අත්කරගෙන ඇති අතර එය දෙරටේ ජනතාවගේ ජීවිතයට හා ලෝක සාමය හා සංවර්ධනයට වැදගත් දායකත්වයන් ලබා දී ඇති බව චීන ජනාධිපති ෂී ජින් පිං මහතා අද (24) යොමු කළ එම සුබ පැතුම් පණිවිඩයේ දැක්වේ. දෙරටේ සබඳතාව තමා ඉතාමත් වැදගත් කොට සලකන අතර, දකුණු කොරියානු ජනපති සමඟ උපායමාර්ගික සන්නිවේදනය ශක්තිමත් කරමින්, ද්වීපාර්ශ්වික සබඳතාව සඳහා වඩා සුන්දර අනාගතයක් බිහි කිරීමටත්, දෙරටේ ජනතාවට වඩා වැඩි ප්‍රතිලාභ ලබා දීමටත් කැමැත්තෙන් පසුවන බව ෂී ජින් පිං මහතා අවධාරණය කළේය.

එම සංවත්සරය වෙනුවෙන් දකුණු කොරියානු ජනාධිපති Yoon Suk-yeol මහතා ද උණුසුම් සුබ පැතුම් පළ කරමින් පණිවිඩයක් නිකුත් කළේය. අද (24) දෙරටේ අග්‍රාමාත්‍යවරු ද සුබපැතුම් පණිවිඩ හුවමාරු කර ගත්හ.


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම