නවෝත්පාදන චන්ද්‍රිකාවක් සාර්ථකව ගුවන් ගත කෙරේ
2022-08-23 15:27:06
Share with:

චීන විද්‍යා ඇකඩමියේ නවෝත්පාදනයක් වන අංක 16 චන්ද්‍රිකාව සාර්ථකව ගුවන්ගත කෙරේ.

අද (23) උදෑසනය 10.36ට චීනය Xichuang චන්ද්‍රිකා ගුවන්ගත කිරීමේ මධ්‍යස්ථානයෙන් Kuaizhou-1A රොකට්ටුවෙන් එය උඩු ගුවනට යැවිණ. චන්ද්‍රිකාව නියමිත කක්ෂයට සාර්ථකව ඇතුළු වූ අතර මෙවර ගුවන්ගත කිරීමේ මෙහෙයුම සම්පූර්ණයෙන් සාර්ථක විය.

එම චන්ද්‍රිකාව ප්‍රධාන වශයෙන් විද්‍යාත්මක අත්හදා බැලීම් සහ නව තාක්ෂණ සත්‍යාපනය යනාදී ක්ෂේත්‍ර සඳහා යොදා ගැනේ. මෙවර  මෙහෙයුම Kuaizhou-1A ප්‍රවාහක රොකට්ටුවේ 16 වන ගුවන් ගමනයි.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම