ඇමරිකාව උද්ධමනයට මුහුණ දීම කෙරෙහි ආර්ථික විද්‍යාඥයන් විශ්වාසයක් නොදක්වන බව හෙළිදරව් වෙයි
2022-08-23 17:05:25
Share with:

ඇමරිකානු රජයට උද්ධමනයට මුහුණ දීමට ඇති හැකියාව කෙරෙහි ආර්ථික විද්‍යාඥයන් විශ්වාසයක් නොදක්වන බව හෙළිදරව් වෙයි.

ඇමරිකාවේ ජාතික වාණිජ්‍ය ආර්ථික සංගමය ඊයේ(22) නිකුත් කළ සමීක්ෂණ ප්‍රතිඵල වලට අනුව, ඇමරිකානු ආර්ථිකය මාස කිහිපයක් තුළ පිරිහීමට ලක්වනු ඇතැයි සමීක්ෂණයට එක්වූ බහුතර ආර්ථික විද්‍යාඥයන්ගේ අදහස වී ඇත. මේ අතර, ආර්ථික පිරිහීමකින් තොරව, ඉදිරි වසර 2 තුළ, එරට ෆෙඩරල් සංචිතයට උද්ධමන අනුපාතය 2%ක් දක්වා අවම කළ හැකි බවට 73%ක සමීක්ෂණයට ලක්වූවන් ‘ එතරම් විශ්වාස නොකරන ’ හෝ ‘ කිසිසේත් ම විශ්වාස නොකරන ’ හෝ බවට දක්වා ඇත.

ඇමරිකාවේ ජාතික ව්‍යාපාරික ආර්ථික සංගමය යනු වාණිජ්‍ය ක්ෂේයේ ආර්ථික විද්‍යාඥයන්ගෙන් සමන්විත වෘත්තිමය සංගමයයි. පසුගිය 1වැනි දා සිට 9වැනි දා දක්වා එහි සාමාජිකත්වය දරන ආර්ථික වි‍ද්‍යාඥයෝ 198දෙනෙක් එම සමීක්ෂණයට එක් වූහ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම