එක්ව ගමන් කිරීමෙන් තොර අනාගතයක් නැතැයි ජනපති කියයි
2022-08-22 14:33:47
Share with:

රටේ ඉදිරි ගමන වෙනුවෙන් සියලුදෙනා ඒකරාශි කර ගැනීම තම අරමුණ බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කියයි. ලොව සෙසු රටවල් දිනෙන් දින ජයග්‍රහණය කරා ගමන් කරද්දි ශ්‍රී ලංකාව ආපස්සට ගමන් කළේ එක්ව වැඩ නොකිරීම හේතුවෙන් බව හෙතෙම පෙන්වා දෙයි. ඓතිහාසික අනුරාධපුර පුදබිමේදී ආගමික වතාවත්වල නිරතවු ජනාධිපතිවරයා අනුරාධපුර සම්බුද්ධ ජයන්ති විහාරාධිපති උතුරු මධ්‍යම දෙපළාතේ ප්‍රධාන සංඝනායක පුජ්‍ය ආචාර්ය නුගේතැන්නේ පඤ්ඤානන්ද නායක ස්වාමින් වහන්සේ බැහැදුටු අවස්ථාවේ එම කරුණු සදහන් කළේය. රටේ විනය ගොඩනැගිම පලමු කාර්ය බව නායක ස්වාමින් වහන්සේ එහිදී සදහන් කළහ. විනයක් නැති රටක් කිසිදා පෙරට ගමන් නොකරයි. පාසල් දරුවන් මෙන්ම ගුරුවරුන්ට ද විනයක් තිබිය යුතුය. සමාජයේ ඉහල ගෞරවයකට ලක්ව සිටි ගුරුවරුන් උද්ඝෝෂණවලට එක්වීමත් සමග ගුරු වෘත්තියේ විනය පිරිහුනු බව උන්වහන්සේ පෙන්වා දුන්හ. පසුගිය සිදුවීම් සමග සමාජයේ පිරිහුනු විනය නැවත ගොඩනැංවීමට ක්‍රියාකිරීම සම්බන්ධයෙන් නායක ස්වාමින් වහන්සේ ජනාධිපතිතුමාට ප්‍රශංසාව පළ කළහ.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම