අධික වර්ෂා පතනයෙන් ඉන්දියාවේ පුද්ගලයන් 52 දෙනෙක් ජීවිතක්ෂයට
2022-08-22 14:15:23
Share with:

අධික වර්ෂා පතනයෙන් ඉන්දියාවේ පුද්ගලයෝ 52 දෙනෙක් ජීවිතක්ෂයට පත්වෙති.

ඉන්දියාවේ උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල මේ දිනවල  පවතින අධික වර්ෂාවෙන් ගංවතුර හා නායයාම් වාර්තා වී තිබේ. මේ වන විට ඉන් පුද්ගලයින් 52 දෙනෙක් මිය ගොස් ඇති අතර තවත් පිරිසක් අතුරුදන්ව සිටිති. Himachal ප්‍රාන්තය බරපතලම විපත් තත්ත්වයකට මුහුණ දී ඇත. නිවාස, පාලම් හා මාර්ග රැසක් විනාශ වී ඇති අතර දුම්රිය සේවා, ගොඩබිම් ප්‍රවාහන සේවා මෙන්ම , සිවිල් ගුවන් සේවාව ද අඩපණව පවතී. ප්‍රාදේශීය රජය ආපදා සහන කටයුතු ආරම්භ කර ඇත.

ඉදිරි දින කිහිපය තුළදී Himachal හා Jharkhand ප්‍රාන්තවලට අඛණ්ඩව අධික වර්ෂාවක් අපේක්ෂා කරන  බව ඉන්දීය කාලගුණ අංශ අනාවැකි පළ කරයි.

ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම