කෙරොනා ආසාදිත ජපන් අග්‍රාමාත්‍යවරයාට චීන ජනාධිපතිවරයා ඉක්මණ් සුවය පතයි
2022-08-22 20:06:12
Share with:

චීන ජනාධිපති ෂී ජින් පිං මහතා කෙරොනා ආසාදිත ජපාන අග්‍රාමාත්‍ය Fumio Kishida මහතාට ඉක්මණ් සුවය පතයි. ෂී ජින් පිං මහතා ජපාන අග්‍රාමාත්‍යවරයාට අද ( 22) පණිවිඩයක් යොමු කරමින් එලෙස ඉක්මණ් සුවය පැතීය.

මෙම වසර චීනය සහ ජපානය අතර රාජ්‍ය තාන්ත්‍රික සබඳතා සාමාන්‍යකරණය කිරීමේ 50වැනි සංවත්සර වසරයි.  Fumio Kishida මහතා සමග එක්ව, නව යුගයට උචිත චීන-ජපාන සබඳතාව ගොඩනැංවීම ඉදිරියට මෙහෙයවීමට තමා කැමැත්තෙන් පසු වන බව ද චීන ජනාධිපතිවරයා එම පණිවිඩයේ සඳහන් කර තිබේ.

මේ අතර, චීන අග්‍රාමාත්‍ය ලී ක ච්‍යං මහතා ද Fumio Kishida අග්‍රාමාත්‍යවරයා වෙත  ඉක්මණ් සුවය පතමින් පණිවුඩයක් යවා තිබේ.

ගුවන් විදුලිය
20240418බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම