චීනයේ ඇමරිකානු තානාපතිවරයාගේ චීන තායිවානය සම්බන්ධ වැරදි ප්‍රකාශ ප්‍රතික්ෂේප කෙරේ
2022-08-22 18:47:37
Share with:

චීන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයෙක් චීනයේ ඇමරිකානු තානාපතිවරයාගේ චීන තායිවානය සම්බන්ධ වැරදි ප්‍රකාශ ප්‍රතික්ෂේප කරයි.

චීනයේ ඇමරිකානු තානාපති R.Nicholas Burns පසුගියදා CNN මාධ්‍ය ජාලය සමඟ පැවති සම්මුඛ සාකච්ඡාවකදී පැවසුවේ, ඇමරිකානු කොංග්‍රස් මණ්ඩල කථානායිකා Nancy Pelosiගේ තායිවාන සංචාරය සම්බන්ධයෙන් චීනයේ පමණ‍ට වඩා ප්‍රතිචාර දැක්වීම තායිවාන සමුද්‍ර සන්ධි දෙපස අස්ථාවර සාධකයක් බිහි කිරීමට හේතුවී ඇති අතර, එය චීන-ඇමරිකා සබඳතාවලට ද අර්බුදයක් ඇති කර තිබෙන බවයි.

ඒ පිළිබඳව එම ප්‍රකාශකයා පැවසුවේ, ප්‍රථමයෙන් ප්‍රකෝපකාරී ක්‍රියා සිදු කළේ ඇමරිකා පාර්ශ්වය බවයි. වැළැක්විය හැකි අර්බුදයක් චීන ජනතාව මත පැටවූ ඇමරිකාව අර්බුදය උසිගැන්වීම සඳහා චීනය කොටු කළ බවද හෙතෙම කීය . චීනයේ මූලික අවශ්‍යතාවල හරය වන්නේ එකම චීනය මූලධර්මය බව එම ප්‍රකාශකයා නැවත අවධාරණය කළේය.

අනෙකුත් රටවල ස්වෛරීත්වයට හා භෞමික අඛණ්ඩතාවට ගරු කරමින් අභ්‍යන්තර කටයුතුවලට මැදිහත් නොවීම යන ජාත්‍යන්තර සබඳතාවල මූලික සම්මතයන් පිළිපදිමින්, එකම චීනය මූලධර්මය සහ චීන-ඇමරිකා ඒකාබද්ධ ප්‍රකාශ තුන අනුගමනය කරන ලෙස චීනය නැවත වරක් ඇමරිකාවෙන් ඉල්ලා සිටී. චීනයේ මූලික අවශ්‍යතාවලට හානි කරන සියලු ප්‍රකාශ හා ක්‍රියා  ඇමරිකාව නතර කළ යුතු බවද එම ප්‍රකාශකයා සඳහන් කළේය.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම