ඇමරිකාව වැරදි දිශාවකට ගමන් කරන බව මත විමසුමකට එක්වූ එරට හතරෙන් තුනකට ආසන්න ප්රමාණයක් විශ්වාස කරති
2022-08-22 09:56:49
Share with:
ඇමරිකාව වැරදි දිශාවකට ගමන් කරමින් සිටින බව මත විමසුමකට එක්වූවෝ බහුතරයක් විශ්වාස කරති. ඇමරිකානු NBC ප්රවෘත්ති සේවය ඊයේ(21) නිකුත් කළ නවතම මත විමසුමට අනුව ඊට එක්වූ අයගෙන් හතරෙන් තුනකට ආසන්න ප්රමාණයක් එලෙස සිතන බවට හෙළිවී ඇත.
මෙම ඡන්ද විමසීමේ දී, රට නිවැරදි දිශාවට ගමන් කරන බවට පවසා ඇත්තේ ඊට එක්වූවන් ගෙන් 21% ක් පමණි.
48%ක පිරිසකට එරට ජනාධිපති Joe Biden කෙරෙහි "තරමක් සෘණාත්මක" හෝ "ඉතා සෘණාත්මක" හැඟීමක් ඇති බව, මෙම ඡන්ද විමසීමෙන් පිළිබිඹු වී ඇත.