ඇමරිකා හමුදාව සිරියාවෙන් සොරකම් කරන ලද ඛනිජ තෙල්, ඉරාකය වෙත රැගෙන ගොස් ඇතැයි හෙළිවෙයි
2022-08-22 10:03:49
Share with:

ඇමරිකා හමුදාව විසින් ඊසානදිග සිරියාවෙන් සොරකම් කරන ලද ඛනිජ තෙල්, ඉරාකය වෙත රැගෙන ගොස් ඇතැයි සිරියානු ප්‍රවෘත්ති ඒජන්සිය ඊයේ (21) වාර්තා කළේය. සිරියාවෙන් සොරකම් කරන ලද ඛනිජ තෙල් ඉරාකයේ ඇමරිකා හමුදා කඳවුරු වෙත ගෙන යාම සඳහා ඇමරිකා හමුදාව බවුසර් රථ 137 ක් භාවිත කර ඇත.

වර්තමානයේ, ඊසානදිග සිරියාවේ බොහෝ ප්‍රදේශ පාලනය කරනු ලබන්නේ "සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාව" විසිනි. "සිරියානු ප්‍රජාතන්ත්‍රවාදී හමුදාව" ප්‍රධාන වශයෙන් මෙහෙයවනු ලබන්නේ සිරියානු කුර්දි සන්නද්ධ "මහජන ආරක්ෂණ බලකාය" විසින් වන අතර එය "ඉස්ලාමීය රාජ්‍යය" නමැති අන්තවාදී කණ්ඩායමට එරෙහිව ඇමරිකාව ප්‍රමුඛ හවුල්කරුවන් විසින් සහාය දක්වන බලකායකි. මෑත වසර කිහිපයේ දී, ඊසානදිග සිරියාවේ ඛනිජ තෙල් සොරකම් කිරීම සහ ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් සිරියානු රජය ඇමරිකා හමුදාවට කිහිප වරක් චෝදනා එල්ල කර තිබේ.

ගුවන් විදුලිය
20240328බ්‍රහස්පතින්දා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම