මෙම වසර තුළ චීනය හා යුරෝපය අතර, භාණ්ඩ ප්‍රවාහන දුම්රිය සේවාවේ ධාවන වාර 10,000 සපිරේ
2022-08-21 14:48:32
Share with:

මෙම වසරේ චීනය හා යුරෝපය අතර ධාවනය වන 10,000 වැනි භාණ්ඩ ප්‍රවාහන දුම්රිය පිටත්වෙයි. චීනයේ ෂී-අන් නගරයේ සිට අද (21) එම දුම්රිය ජර්මනියේ Hamburg නගරය බලා පිටත්ව ගියේය.  මෙම වසරේ චීනය හා යුරෝපය අතර ක්‍රියාත්මක වූ භාණ්ඩ ප්‍රවාහන දුම්රිය ගමන් වාර 10,000 තුළ  ප්‍රමිතියෙන් යුතු භාණ්ඩ පෙට්ටි නව ලක්ෂ හැත්තෑ දෙ දහසක් ප්‍රවාහනය කෙරුණු අතර, එය පසුගිය වසරේ සමාන කාලසීමාවට සාපේක්ෂව සියයට 5ක වර්ධනයකි.

මේ වන විට චීනය හා යුරෝපය අතර භාණ්ඩ ප්‍රවාහන දුම්රිය මාර්ග 82ක් විවෘතව ඇත. යුරෝපීය රටවල් 24ක නගර 200ක් ඉන් ආවරණය වේ. ඇඟලුම්, මෝටර් රථ හා අමතර කොටස්, ආහාර, දැව යනාදී භාණ්ඩ එමගින් ප්‍රවාහනය කෙරේ. චීන-යුරෝපීය භාණ්ඩ ප්‍රවාහන සේවාවේ මෙම ඉහළ ගුණාත්මක සංවර්ධනය, ‘එක් තීරයක් එක් මාවතක්’ වැඩපිළිවෙළ පොදුවේ සංවර්ධනය කිරීමට ප්‍රබල ශක්තියක් සපයා ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම