යුක්රේනයෙන් හා රුසියාවෙන් ධාන්‍ය සහ රසායනික පොහොර අපනයනය පුළුල් කිරීම ගෝලීය තොග වෙළඳපොළේ ස්ථාවරත්වයට ඉවහල් වනු ඇතැයි ජගත් මහලේකම්වරයා කියයි
2022-08-21 14:52:25
Share with:

ධාන්‍ය හා රසායනික පොහොර වැඩි ‍ප්‍රමාණයක් යුක්රේනයෙන් හා රුසියාවෙන් අපනයනය කිරීම, ගෝලීය තොග වෙළඳපොළ ස්ථාවර කිරීමට ඉවහල් වන බව එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයා පවසයි. 

එක්සත් ජාතීන්ගේ මහලේකම් Antonio Guterres මහතා ඊයේ (20) තුර්කියේ Istanbul නගරයේදී මේ බව ප්‍රකාශ ක‍ළේය. එය, තොග  වෙළඳපොළ තවදුරටත් ස්ථාවර කිරීමට හා භාණ්ඩ මිල අඩු කිරීමට ද ඉතා වැදගත් වනු ඇතැයි හෙතෙම කියාසිටී.

Antonio Guterres මහතා තුර්කියේ ජාතිකාරක්ෂක විශ්වවිද්‍යාල පරිශ්‍රයේ පිහිටි, කළු මුහුද ඔස්සේ ධාන්‍ය ප්‍රවාහනය කිරීමේ ඒකාබද්ධ සම්බන්ධීකරණ මධ්‍යස්ථානයට ඊයේ (20) පැමිණි බව, එරට ජාතිකාරක්ෂක අමාත්‍යංශ ආරංචි මාර්ග හෙළිකර ඇත. කෙසේවෙතත්, කෘෂි නිෂ්පාදිත ප්‍රවාහනය පිළිබඳව මීට පෙර එළඹුණු ගිවිසුමට රුසියාවේ ධාන්‍ය හා රසායනික පොහොර සම්බාධකයකින් තොරව අපනයනය කිරීම හා සම්බන්ධ කරුණු ද  ඇතුළත් වේ. අදාළ නිෂ්පාදිත බාධාවකින් තොරව ගෝලීය වෙළ‍ඳපොළට යොමුකිරීම සහතික කළ යුතු බව ද Antonio Guterres මහතා පවසා ඇත. 


ගුවන් විදුලිය
20240424 බදාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම