“චීන වෘත්තීය අධ්‍යාපන සංවර්ධන ධවල පත්‍රිකාව”එළිදැක්වේ
2022-08-20 17:00:57
Share with:

“චීන වෘත්තීය අධ්‍යාපන සංවර්ධන ධවල පත්‍රිකාව”එළිදැක්වේ.

ප්‍රථම ලෝක වෘත්තීය තාක්ෂණ අධ්‍යාපන සංවර්ධන සමුළුව  මේ දිනවල චීනයේ ටියැන්ජින් නගරයේ දී පැවැත්වේ. චීන අධ්‍යාපන අමාත්‍යංශය මීට සමගාමීව “චීන වෘත්තීය  අධ්‍යාපන සංවර්ධන ධවල පත්‍රිකාව” අද (20) නිකුත් කළේය.

එම ධවල පත්‍රිකාවට අනුව, දිගුකාලීන පුහුණුවෙන් හා ගවේෂණයෙන් පසු චීනය, අද්විතීය මෙන්ම නවීන වෘත්තීය අධ්‍යාපන සංවර්ධන ආදර්ශයක් නිමවා ඇත. චීන වෘත්තීය අධ්‍යාපනය, චීන නවීකරණය හා එක් ව සංවර්ධනය වෙමින් පවතී. ආර්ථික සංවර්ධනය පුළුල් කිරීම, ජනතා ජීවනෝපායයන් යහපත්වීම ප්‍රවර්ධනය කිරීම, අධ්‍යාපන ක්‍රමය ප්‍රශස්ත කිරීම සහ ජාත්‍යන්තර හුවමාරු වැඩිදියුණු කිරීම සඳහා ඉන් ප්‍රමුඛ කාර්යභාරයක් ඉටුකෙරෙන අතර, ලෝක නවීකරණ ක්‍රියාවලියට මුහුණ දීමේදී අනභිභවනීය දායකත්වයක් ලබා දී ඇත. විවෘතභාවය අඛණ්ඩව ක්‍රියාත්මක කරමින්, ගෝලීය අධ්‍යාපන සංවර්ධනය සඳහා චීන විසඳුම් ලබා දී පොදු ඉරණමක් සහිත මානව ප්‍රජාවක් ගොඩනැගීම සඳහා අධ්‍යාපනික ශක්තිය සැපයීම චීනයේ අපේක්ෂාවයි.  

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම