එක්සත් ජාතීන්ගේ සංවිධානයෙන් ශ්‍රී ලංකාවට අඛණ්ඩ සහය
2022-08-20 15:54:48
Share with:

මෙරට සංචාරයක නිරත එක්සත් ජාතීන්ගේ සංවර්ධන සහයෝගිතා කාර්යාලයේ ආසියා සහ ශාන්තිකර කලාපයේ අධ්‍යක්ෂ David McLachlan- Karr මහතා, විදේශ කටයුතු ඇමති අලි සබ්රි මහතා හමුවෙයි. එම හමුව කොළඹදී පැවැත්විණ.

ශ්‍රී ලංකාව මුහුණදී සිටින දුෂ්කර අවස්ථාවේ එක්සත් ජාතීන්ගේ සංවිධානය පළකරන සහයෝගය ඇමතිවරයා අගය කළේය. ඉදිරි වසර පහ තුළ මෙරට ක්‍රියාත්මක කෙරෙන එක්සත් ජාතීන්ගේ තිරසර සංවර්ධන රාමුව ද අලි සබ්රි මහතාගේ ඇගැයීමට ලක්විය.

ශ්‍රී ලංකාව තම ජනතාවට සෞඛ්‍ය හා අධ්‍යාපනය නොමිලේ ලබාදීමේ පුරෝගාමී රටක් බවත්,  සමාජ ආරක්ෂණ ජාලයක් මගින් එවැනි පද්ධති වැඩිදියුණු කිරීම ජගත් සංවිධානයේ අරමුණ බවත් කලාපීය අධ්‍යක්ෂවරයා මෙහිදී පැවසීය.

ශ්‍රී ලංකාව සමග සමීප සබඳතාවක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේක්ෂා කරන බව ද ඔහු කියාසිටියේය.

ගුවන් විදුලිය
20240423අඟහරුවාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම