නෝර්ඩ් ස්ට්‍රීම් 1 ගෑස් නල මාර්ගය දින 3කට වසා දැමේ
2022-08-20 15:47:55
Share with:

නඩත්තු කටයුත්තක් හේතුවෙන් අගෝස්තු 31 සිට සැප්තැම්බර් 2 වැනිදා දක්වා Nord Stream 1 නල මාර්ගය ඔස්සේ යුරෝපයට ස්වාභාවික ගෑස් බෙදාහැරීම අත්හිටුවේ. රුසියානු Gazprom සමාගම ඊයේ (19)  මේ බව නිවේදනය කළේය.

 Nord Stream 1 සඳහා වන එකම ක්‍රියාකාරී ගෑස් සම්පීඩකය දින තුනක් වසා දැමෙන අතර, නඩත්තු කටයුතු ජර්මනියේ Siemens සමාගමේ විශේෂඥයන් සමඟ ඒකාබද්ධව සිදුකෙරෙන බව ද නිවේදනයේ දැක්වෙයි.

 නඩත්තු කටයුතු අවසානයේ, කිසිදු තාක්ෂණික දෝෂයක් නොමැති බව තහවුරු කර Nord Stream 1 ඔස්සේ ගෑස් සැපයුම යථා තත්ත්වයට පත්කෙරෙනු ඇත. එමගින් දෛනිකව ගෑස් ඝන මීටර් මිලියන 33 ක් සැපයේ.

ගුවන් විදුලිය
20240329සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම