චීන රාජ්‍ය මණ්ඩලයේ මූල්‍ය සේවා පිළිබඳ රැස්වීමක් චීන අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන්
2022-08-20 15:50:16
Share with:

චීන රාජ්‍ය මණ්ඩලයේ නිත්‍ය රැස්වීමක් අගමැති ලී ක ච්‍යං මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.

ව්‍යාපාර අරමුදල් එක්රැස් කිරීමේ පිරිවැය හා පෞද්ගලික පරිභෝජන ණය පිරිවැය අඩු කර මූල්‍ය සේවාවෙන් සැබෑ ආර්ථිකයට වඩා ප්‍රබල සහායක් සැලසීම රැස්වීමේ ප්‍රධාන අරමුණකි. අවශ්‍යතා සහිත ජනතාවගේ මූලික ජීවන තත්ත්වය සහතික කිරීම කෙරෙහි ද පසුගියදා(18) පැවති එම රැස්වීමේ විශේෂ අවධානය යොමුවිය. මේ අතර වියපත් ජනතාව හා ළදරු සුරැකුම් සේවා කර්මාන්තය මුහුණ දුන් අසීරුතා පිටුදකිමින් එම ක්ෂේත්‍රය නැංවීමේ විධිවිධාන ද එහිදී නියම කර ඇත. නව බලශක්ති මෝටර් රථ මිලට ගැනීමේදී බදු අ‍හෝසි කිරීමේ ප්‍රතිපත්තිය තවදුරටත් දීර්ඝ කිරීමට ද තීරණය කර තිබේ. 

චීන කොමියුනිස්ට් පක්ෂය හා රාජ්‍ය මණ්ඩලයේ සැලසුම් ක්‍රියාත්මක කරමින් සැබෑ ආර්ථිකයට මූල්‍ය ප්‍රතිපත්තිමය සහාය පුළුල් කළ යුතු බව ද එම රැස්වීමේදී අවධාරණය කෙරිණ. 

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම