යු‍ක්‍රේන ජනපති හා ජගත් මහලේකම් අතර හමුවක්
2022-08-19 17:34:25
Share with:

යු‍ක්‍රේන ජනාධිපති Volodymyr Zelensky මහතා හා එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇ‍න්ටෝනියෝ ගුටරෙස් මහතා අතර හමුවක් පැවැත්වෙයි. ඒ ඊයේ(18) යුක්‍රේනයේ බටහිර ප්‍රදේශයේ දීය. යුක්‍රේන ආහාර ප්‍රවාහන ආරක්ෂණ ගිවිසුම ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අඛණ්ඩව සහයෝගතා පැවැත්වීමට දෙපාර්ශ්වය එහිදී එකඟවිය. ආහාර ප්‍රවාහන තත්ත්වය වර්ධනය වීමේ ශක්‍යතාව, අල්ලා ‍ගැනුණු යුක්‍රේන භටයන් හා වෛද්‍යවරුන් නිදහස් කිරීම සම්බන්ධයෙන් ද ඔවුන් සාකච්ඡා කළ බව ද යු‍ක්‍රේන ජනාධිපතිවරයා සමාජ මාධ්‍ය ඔස්සේ පැවසීය.

මේ අතර, එක්සත් ජාතීන්ගේ මහලේකම්වරයාගේ යුක්‍රේන සංචාරය අතරතුර Zaporizhzhia න්‍යෂ්ටික විදුලි බලාගාරය ආශ්‍රිතව ප්‍රකෝපකාරී ක්‍රියා සිදුකිරීමට යුක්‍රේනය සැලසුම් කළ බව රුසියාව හෙළි කර ඇත.

ගුවන් විදුලිය
20240419සිකුරාදා
වැඩියෙන්ම කියවූ ප්‍රවෘත්ති
සබැඳුම